Posts

Showing posts from May, 2023

සංවර්ධනය සහ කාන්තාව

Image
  සංවර්ධනය සහ කාන්තාව හැඳින්වීම කාන්තාව යනු ලෝකයට දරුවන් බිහි කරන අම්මා ය.පවුලක සතුට, සැනසුම, සෞඛ්‍ය හා පෝෂණය මෙන්ම දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කරවන පදනම සකස් කරන පෙරගමන්කාරිය වන්නේ ද අම්මා ය.සැමියාගේ ද දරුවන්ගේ ද යුතුකම් සියල්ල නොපිරිහෙලා ඉටු කරන බොහෝ විට පවුලේ ආර්ථිකයට ද සෘජුව මෙන්ම වක්‍රව දායකත්වය දක්වන්නේ අම්මා නොහොත් කාන්තාව යි. සමාජයේ කුඩාම ඒකකය වන පවුල සවිබල ගැන්වීම හරහා සමස්ත රටේ ආර්ථික සමාජීය ආදී ක්ෂේත්‍ර තුල සංවර්ධනය ඇති කල හැක.විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල් සංවර්ධනය කිරීමේදී ඒ සඳහා කාන්තා දායකත්වය ලබා ගැනීම අනිවාර්ය වේ.අතීතයේ පටන්ම ශ්‍රී ලංකාවේ ගෘහස්ථ පරිපාලනය හා ආදායම් ඉපැයීමේදීත් ආර්ථික කටයුතු සමබරව පවත්වාගෙන යාමේදීත් කාන්තාව ඊට ප්‍රබල දායකත්වයක් දක්වයි. සංවර්ධනය තුල කාන්තාව ගෝලීය සංවර්ධනය තුල කාන්තාව විසින් ප්‍රභල කාර්යභාර්යක් ඉටු කරනු ලබයි.නමුත් ආසියා අප්‍රිකා සහ ලතින් ඇමෙරිකානු රටවල විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා ශ්‍රී ලංකාව වැනි රටවල සංවර්ධනය සඳහා කාන්තා දායකත්වය අවම මට්ටමක පවතී.බොහෝවිට ශ්‍රී ලංකාව වැනි රටවල කාන්තාවගේ කාර්යභාර්ය ව