Posts

Showing posts from July, 2023

ග්‍රාමීය සංවර්ධනය

Image
 ග්‍රාමීය සංවර්ධනය ගැමි ජනතාවගේ ජීවන රටාව වඩා උසස් තත්වයෙන් ගත කිරීමට අවශ්‍ය පරිදි ආදායම් තත්වය ඉහළනැංවීම ග්‍රාමීය සංවර්ධනය වේ. ගැමි ජනතාවගේ සංවර්ධනය යනු එදිනෙදා ජීවත්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා ගැටළුවකින් තොරව සපුරා ගැනීමට අවකාශය සැලසීම බව සැලකිය හැක. ග්‍රාමීය අර්ථ ක්‍රමය තුළ පවතින්නේ පවුල කේන්ද්‍ර කර ගත් පරිභෝජනවාදී ආර්ථික ක්‍රමයකි. කෙමෙන් කෙමෙන් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේදී ග්‍රාමීය ආර්ථිකය තවදුරටත් සරල ආර්ථික ක්‍රියාවලීන් මත රඳා පවතින්නේ නැත. පුද්ගල අවශ්‍යතා සංකීර්ණවත්ම ග්‍රාමීය ආර්ථිකයද සංවර්ධන විය යුත්තකි. එසේ නොමැතිනම් විවිධ සමාජ ගැටළුවලට මුහුණපාන්නට සිදුවේ.මෙම සමාජ ගැටළුවලට විසදුම් ලැබීමට නම් ග්‍රාමීය සංවර්ධනය වීම සිදුවිය යුතුය . ග්‍රාමීය ජන සමාජවල දරිද්‍රතාවය තුළ ජීවත් වන සුවිශේෂී ජන කණ්ඩායමක සමාජීය , ආර්ථික ජීවිතය වැඩි දියුණු කිරීම සඳහා සකස්ව තිබෙන ක්‍රමෝපායක් ලෙස ග්‍රාමීය සංවර්ධනය හඳුන්වනු ලැබේ. (ලෝක බැංකුව 1975) නිෂ්පාදනයේ ඵලදායිතාවය වැඩිදියුණු කිරීම , වර්ධනය වන රැකියා වෘත්තිකයන් සහ ඉඩම් ශ්‍රමය සහ ප්‍රාග්ධනය ක්‍රියාවට නැංවීම යනාදී ක්ෂේත්‍ර පිළිබඳ ග්‍රාමීය සං

වනාන්තර විනාශය සහ තිරසර සංවර්ධනය

Image
 වනාන්තර විනාශය සහ තිරසර සංවර්ධනය වන විනාශය හෙවත් වනාන්තර විනාශය යනුවෙන් අදහස් කරනුයේ කෘෂිකර්මාන්තය (බෝග වගාව සහ සත්ව පාලනය) නාගරීකරණය සහ කැනීම් කටයුතු, ලැව්ගිනි, දැව කැපීම ආදී ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීම හේතුවෙන් ලොව පුරා පවත්නා වනාන්තර බිම් ප්‍රදේශ කාලයත් සමඟ වෙනස්වීම හෙවත් අඩුවී යාමයි.1960 දශකයේ සිට ලොව පුරා මානුෂික මානුෂික ක්‍රියාකාරකම් වල සීග්‍ර වර්ධනය හේතුවෙන් වන විනාශය ලොව ස්වභාවික පරිසර පද්ධති , ජෛව විවිධත්වය සහ දේශගුණය කෙරෙහි අහිතකරව බලපා ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය වාර්තා කරන ආකාරයට වන විනාශයේ ප්‍රමාණය වසරකට වර්ග කිලෝමීටර් මිලියන පහක් පමණ වේ.  ලෝකයේ වනාන්තර විනාශය වනාන්තර යනු පරිසර පද්ධතියකි. වන විනාශය කෙරෙහි බලපාන හේතු පිළිබඳ විමසා බැලීමේදී මෙම හේතු ස්වභාවික සාධක සහ මානුෂ සාධක යනුවෙන් ප්‍රධාන වර්ග දෙකකි. ස්වභාවික සාධක අතරින් ප්‍රධාන වනුයේ ස්වභාවික ලැව්ගිනි, පරපෝෂිත රෝග ආදියයි.එසේ වුව ද ගෝලීය වන විනාශය කෙරෙහි බලපාන ප්‍රධාන හේතුව වන්නේ මානුෂික ක්‍රියාකාරකම් ය.එවැනි මානුෂීය ක්‍රියාකාරකම් කිහිපයක් ලෙස,  කෘෂිකර්මාන්තය සඳහා වන වනාන්තර එළි එළිපෙහෙළි කිරීම  සත්ව