සංවර්ධනය සහ කාන්තාව
සංවර්ධනය සහ කාන්තාව
හැඳින්වීම
කාන්තාව යනු ලෝකයට දරුවන් බිහි කරන අම්මා ය.පවුලක සතුට, සැනසුම, සෞඛ්‍ය හා පෝෂණය මෙන්ම දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කරවන පදනම සකස් කරන පෙරගමන්කාරිය වන්නේ ද අම්මා ය.සැමියාගේ ද දරුවන්ගේ ද යුතුකම් සියල්ල නොපිරිහෙලා ඉටු කරන බොහෝ විට පවුලේ ආර්ථිකයට ද සෘජුව මෙන්ම වක්‍රව දායකත්වය දක්වන්නේ අම්මා නොහොත් කාන්තාව යි.
සමාජයේ කුඩාම ඒකකය වන පවුල සවිබල ගැන්වීම හරහා සමස්ත රටේ ආර්ථික සමාජීය ආදී ක්ෂේත්‍ර තුල සංවර්ධනය ඇති කල හැක.විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල් සංවර්ධනය කිරීමේදී ඒ සඳහා කාන්තා දායකත්වය ලබා ගැනීම අනිවාර්ය වේ.අතීතයේ පටන්ම ශ්‍රී ලංකාවේ ගෘහස්ථ පරිපාලනය හා ආදායම් ඉපැයීමේදීත් ආර්ථික කටයුතු සමබරව පවත්වාගෙන යාමේදීත් කාන්තාව ඊට ප්‍රබල දායකත්වයක් දක්වයි.
සංවර්ධනය තුල කාන්තාව
ගෝලීය සංවර්ධනය තුල කාන්තාව විසින් ප්‍රභල කාර්යභාර්යක් ඉටු කරනු ලබයි.නමුත් ආසියා අප්‍රිකා සහ ලතින් ඇමෙරිකානු රටවල විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා ශ්‍රී ලංකාව වැනි රටවල සංවර්ධනය සඳහා කාන්තා දායකත්වය අවම මට්ටමක පවතී.බොහෝවිට ශ්‍රී ලංකාව වැනි රටවල කාන්තාවගේ කාර්යභාර්ය වී ඇත්තේ නිවසේ කටයුතු සිදු කිරීම දරුවන් රැකබලා ගැනීම ආදී සමාජීය කාර්යයන්ය.එබැවින් සංවර්ධනය තුල කාන්තා ශ්‍රම බලකාය නියෝජනය වන්නේ අවම වශයෙනි.ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වීමට බලපාන සාධක අතර ශ්‍රමික දායකත්වය සහ ඵලදායිතාව ප්‍රබල හේතුවක් බවට පත්ව ඇත.සංවර්ධනය තුල කාන්තාවගේ ශ්‍රම දායකත්වය අවම වීමට බලපා ඇති හේතු අතර
අනාරක්ෂිත බව
කාන්තා හිංසනය
සම වැටුප් හා සම අයිතිවාසිකම් නොලැබීම
රාත්‍රී සේවය
නිවසේ වගකීම් වැඩි වීම ආදි හේතු බලපා තිබේ.
මෙවැනි සාධක හේතුවෙන් කාන්තාව සංවර්ධන ක්‍රියාවලියෙන් බැහැර වී සිටින අතර සමාජය තුල කාන්තාවට හිමි නිසි තැන ලබා දීම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සුරක්ෂිත කිරීම , කාන්තාවට එරෙහි සියලු හිංසනයන් පිටු දැකීම ආදිය හරහා සමාජය තුල කාන්තාව සුරක්ෂිත බව තහවුරු කලහොත් රටේ සංවර්ධන ක්‍රියාවලියට කාන්තාව දායක කර ගැනීමට හැකා වනු ඇත.
කාන්තාව සවිබල ගැන්වීම
කාන්තාව සවිබල ගැන්වීම යනුවෛන් අදහස් කරන්නේ ඇය අධ්‍යාපනික සමාජීය හා ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමයි.විශේෂයෙන්ම කාන්තාව සෙඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳ සෑම කාන්තාවක්ම දැන සිටිය යුතුය.මේ පිළිබඳ රජය විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් කාන්තාව සවිබල ගැන්වීම සිදු කරයි.
එමෙන්ම ආබාධිත කාන්තාවන්ගේ සුබසාධනය උදෙසා ක්‍රියාත්මක වීමද වැදගත් ය.ආබාධිත කාන්තාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ස්වයං රැකියා ආදිය ලබා දීම වැදගත් ය.ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීමට අවශ්‍ය උපකරණ හා පහසුකම් සැපයීම ද අත්‍යවශ්‍ය වේ.
කාන්තා ශ්‍රම බලකායට වැඩිපුර කාන්තාවන් යොමු නොවීම අද අප රට මුහුණපාන ප්‍රධාන සංවර්ධන ගැටලුවකි. එසේ වන්නේ ආර්ථික අතින් කෙතරම් අපහසුතා පැවැතියත් පවුලේ වගකීම් සහ යුතුකම් පැහැර හරිමින් රැකියාවක නියැලීමට කාන්තාවන්ට අවස්ථාවක් නොලැබීම නිසාවෙනි.ආර්ථික අතින් සහ අධ්‍යාපන මට්ටමින් කාන්තාව සැලකිය යුතු තරම් රටේ ශ්‍රම බළකායට එක්ව සිටිය ද උසස් අධ්‍යාපනයක් නොලැබූ දිළිඳු කාන්තාවන් බොහෝ දෙනෙක් තවමත් රැකියා විරහිතව දිළිඳුභාවයෙහි ගිලී සිටී. දරුවන් රැකබලා ගැනීමට කෙනෙකු නොමැති වීම, පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ටම මුහුණපෑමට සිදුවන හිරිහැර ආදිය හේතුවෙන් බොහෝ කාන්තාවන් රැකියාවලින් ඉවත් වීමට හේතු කාරණා වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය තුළ කාන්තා ශ්‍රම බලකාය ඉහළ නැංවීමට ගත හැකි ක්‍රියාමාර්ග- රැකියාවල නිරත වන කාන්තාවන් රැකියා අතහැර යාම වැළැක්වීම සඳහා නව ආයතනික ප්‍රතිපත්ති සකස්කිරීම (ආයතනය ආසන්නයේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කිරීම, ප්‍රවාහන පහසුකම් සපයා දීම )
- විවිධ හේතුන් මත රැකියාවෙන් ඉවත් වන කාන්තාවන් සඳහා නැවත ඔවුන්ගේ කැමැත්ත මත එම රැකියාවට පැමිණිය හැකි පරිදි පහසුකම් සැලසීමට ආයතන දිරි ගැනගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- නිවසේ කාර්යයන් වලට අමතරව යම් ආයතනයක සේවා සේවය කළ හැකි පරිදි සේවා මුර ක්‍රම සහිතව රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම.
- කාන්තාවන්ට සේවා නියුක්තිය සඳහා අවශ්‍ය අධ්‍යාපනය , සෞඛ්‍ය හා පෝෂණ පහසුකම් වැඩිදියුණු කිරීම.
- නව සමාජ හා සුබසාධන ප්‍රතිපත්ති මගින් කාන්තාවන් සේවයේ නියුතු වීමට ඇති අහිතකර බලපෑම ඉවත් කිරීම.
- කාන්තාවන් නිවසේ සිට වැඩ කටයුතුවලට සීමා විය යුතු යැයි සමාජය තුල පවතින ආකල්පය වෙනස් කිරීමට අවශ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීම
- තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා කාන්තා දායකත්වය වැඩි වශයෙන් ලබා ගැනීම.
පුරුෂ පාර්ශවයට සාපේක්ෂව අප රටේ පවත්නා ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ දේශපාලන කාරණා මත කාන්තාවගේ දායකත්වය සෑම අංශයකම අඩු වීමක් දක්නට ලැබේ. රට තුළ පවතින මේ ක්‍රමවේදය වෙනස් විය යුතු අතර ඒ සඳහා කාන්තා සේවා නියුක්තිය වැඩි කළ යුතු ය. කාන්තාව තුළින් ව්‍යවසායකත්වය වර්ධනය කිරීම සඳහා මත පදනම් වු ( Home Based Work) ව්‍යවසායකත්වයක් ක්‍රියාත්මක කළ යුතුය. එම ක්‍රමවේදය ශ්‍රී ලංකාව වැනි රටකට වඩාත් සුදුසුය. කාන්තා ව්‍යවසායකයින් නඟාසිටුවීමේ රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය. කාන්තා ව්‍යවසායකයින් නඟාසිටුවීමේ ක්‍රමවේදයක් සකස් කරන විට, කාන්තා ව්‍යවසායකයින් බිහිවීම අවම වන කාරණා, කාන්තා ව්‍යවසායකයින්ට තිබෙන ගැටලු සහ එම ගැටලු මඟහරවා ගැනීමට කළ යුතු දෑ පිළිබඳ අවබෝධයෙන් සහ අවධානයෙන් බැලිය යුතුය. කාන්තාවන්ට තමන්ගේ දරු දැරියන්ගේ, පවුලේ සාමාජිකයින්ගේ වැඩපල කරන අතරතුර නිවසේ සිට යම් ව්‍යවසායකත්වයක් ආරම්භ කිරීමට උපකාර කළ යුතුය.
සැමියා හෝ දරුවන් යම් කිසි ආබාධයකට ගොදුරු වූ භාර්යාවන්ට සහ සැමියා මිය ගොස් තනිවම පවුල නඩත්තු කරන භාර්යාවන්ට තම ශක්තියෙන් ජීවිතය ගොඩනඟා ගැනීමට අවශ්‍ය උපදෙස් රජයෙන් ලබා දීමට පියවර ගත යුතුය. එවැනි කාන්තාවන්ට ගැටලුවකින් තොරව ස්වයං රැකියා ආරම්භ කිරීමට පසුබිම සකස් කර දිය යුතුය. ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවකටම තනියෙන් ජීවිතය ගොඩනඟා ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ, නීතිමය උපදෙස් මෙන්ම මනෝවිද්‍යාත්මක උපදේශ ලබාදීම වඩාත් යහපත් ය. එවැනි දෑ තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කාන්තාවන්ගෙන් ලැබෙන සහයෝගය වැඩි කර ගත හැක. තවද එමඟින් ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ පෞරුෂය ගොඩනඟා ගනිමින් මුළු ලෝකයට ශ්‍රී ලාංකේය කාන්තාවගේ සාඩම්බරත්වය කියා පෑමට හැකිය.ඉහත ආකාරයට සංවර්ධන සැලසුම් හා ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමෙන් ස්ත්‍රී පුරුෂ අසමානතා දුරු කරමින් රටේ සංවර්ධන ක්‍රියාවලිය තුල පවතින විෂමතා අවම කරමින් සංවර්ධන ක්‍රියාවලිය සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇත.
❤❤
ReplyDelete❤️☺️🥰
ReplyDeleteGreat
ReplyDelete❤️❤️
ReplyDelete💪💪
ReplyDelete👍
ReplyDelete⚡👍
ReplyDelete❤
ReplyDelete❤❤❤❤❤
ReplyDelete😍😍 super
ReplyDeleteGood job ❤️
ReplyDelete❤️❤️
ReplyDeleteGood job ❤️
ReplyDelete🖤
ReplyDelete❤️❤️
ReplyDelete♥️♥️
ReplyDelete❤️❤️
ReplyDelete❤️❤️
ReplyDelete❤️
ReplyDelete💚
ReplyDelete❤️❤️❤️
ReplyDelete👍
ReplyDelete👍👍👍
ReplyDelete👍👍❤❤
ReplyDelete👍👍
ReplyDelete👍👍👍🤔
ReplyDelete❤️
ReplyDelete❤️
ReplyDelete🖤💕 great
ReplyDelete❤✨️
ReplyDeleteGreat ❤️
ReplyDelete❤❤
ReplyDeleteGreat 😍
ReplyDelete💖💖💖
ReplyDelete💖💖
ReplyDelete❤️
ReplyDeleteGood job. 👍
ReplyDelete❤️
ReplyDelete❤❤
ReplyDelete❤️
ReplyDelete