නීතිය හා කාන්තා අයිතිවාසිකම්
නීතිය හා කාන්තා අයිතිවාසිකම් නීතිය යනු යම් රටක් හෝ විධිමත් මිනිස් හැසිරීම් හා ක්‍රියාකාරකම් පාලනය කිරීම සමාජ යහපැවැත්ම උදෙසා අනුගමනය කල යුතු බවට පනවනු ලබන රීති පද්ධතියකි.විවිධ චින්තකයන් විසින් නීතිය විවිධාකාරයෙන් විග්‍රහ කරයි. නීතිය යනු රාජ්‍ය විසින් ක්‍රියාවට නංවනු අයිතිවාසිකම් හා බැඳීම් පිළිබඳ පද්ධතියකි. ( ටී.එච් ග්‍රීන්) සෑම සමාජයක්ම නීිතියට අනුව පාලනය කල යුතු වේ.නීිතියට ගරු කිරීම හා අවනත වීම පුරවැසියන්ගේ වගකීමයි.නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන සමාජයක යුක්තිය, සාමය හා සුරක්ෂිතබව යන ලක්ෂණ දැකගත හැකි වේ.නීතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ මහජනතාවගේ ජීවිත,අයිතිවාසිකම් හා දේපළ ආරක්ෂා වන අයුරින් මානව හැසිරීම් පාලනය කිරීම තු ලින් යුක්තිය ඇති කිරීමයි. නීතිය තුල කාන්තාවට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.කාන්තාවට එරෙහිව සිදු වන අකටයුතුකම් වැලැක්වීමට ,කාන්තා හිංසනයන් වැලැක්වීමට විවිධ නීති රීති හා රෙගුලාසි පවතී.නීතිය හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ දැක්වීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඉතා වැදගත් වේ.ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන සංකල්පය හේතුවෙන් අසමානතවයට ලක් වන කාන්තාවට සාධාරණය ඉෂ්ට කිරීම ...