Posts

නීතිය හා කාන්තා අයිතිවාසිකම්

Image
 නීතිය හා කාන්තා අයිතිවාසිකම් නීතිය යනු යම් රටක් හෝ විධිමත් මිනිස් හැසිරීම් හා ක්‍රියාකාරකම් පාලනය කිරීම සමාජ යහපැවැත්ම උදෙසා අනුගමනය කල යුතු බවට පනවනු ලබන රීති පද්ධතියකි.විවිධ චින්තකයන් විසින් නීතිය විවිධාකාරයෙන් විග්‍රහ කරයි.    නීතිය යනු රාජ්‍ය විසින් ක්‍රියාවට නංවනු අයිතිවාසිකම් හා බැඳීම් පිළිබඳ පද්ධතියකි. ( ටී.එච් ග්‍රීන්) සෑම සමාජයක්ම නීිතියට අනුව පාලනය කල යුතු වේ.නීිතියට ගරු කිරීම හා අවනත වීම පුරවැසියන්ගේ වගකීමයි.නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන සමාජයක යුක්තිය, සාමය හා සුරක්ෂිතබව යන ලක්ෂණ දැකගත හැකි වේ.නීතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ මහජනතාවගේ ජීවිත,අයිතිවාසිකම් හා දේපළ ආරක්ෂා වන අයුරින් මානව හැසිරීම් පාලනය කිරීම තු ලින් යුක්තිය ඇති කිරීමයි. නීතිය තුල කාන්තාවට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.කාන්තාවට එරෙහිව සිදු වන අකටයුතුකම් වැලැක්වීමට ,කාන්තා හිංසනයන් වැලැක්වීමට විවිධ නීති රීති හා රෙගුලාසි පවතී.නීතිය හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ දැක්වීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඉතා වැදගත් වේ.ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන සංකල්පය හේතුවෙන් අසමානතවයට ලක් වන කාන්තාවට සාධාරණය ඉෂ්ට කිරීම ...

ආහාර අර්බුදය

Image
  ආහාර අර්බුදය පසුබිම ලෝක ජනගහනය අද වන විට මුහුණ දී ඇති ප්‍රධානතම ගැටළුව  ආහාර අර්බුදය යි.මිහිමත වෙසෙන සියලු ප්‍රජාවගේ ප්‍රධානතම අවශ්‍යතාවය වන “ආහාර” ලබා ගැනීමට නොහැකිව පැවතීම මිනිස් ප්‍රජාවට ඇති ප්‍රධානතම ගැටළුව කි. සමකාලීන ගෝලීය අර්බුද යන මාතෘකාව යටතේ කතාබහට ලක් වන ප්‍රධාන ගෝලීය අර්බුදයක් වන්නේ සාගින්න හා ආහාර හිඟය යි.සාගින්න සහ ආහාර හිඟය ගෝලීය අර්බුදයක් බවට පත් වූයේ ක්‍රමිකව ය.ඊට බලපෑ මූලික හේතු කිහිපයකි.එනම් වර්තමාන මානුශ සමාජය තුල ආහාර හිමිකම එලෙසින්ම භුක්ති විඳින අයද ,සමහර තැන් වලදී එම හිමිකම අවශ්‍ය ප්‍රමාණයට වඩා කිහිප ගුණයකින්ම හිමි කරගන්නා අයද ,බොහෝ තැන් වලදී ඒ හිමිකම අහිමි වූ අයද සිටීම යතාර්ථය බවට පත්ව තිබීම ඊට හේතුවයි. ආහාර යනු ජීවිතය ගෙන යාමේදී දිනෙන් දින ගෙවී යන පටක වර්ධනය සඳහාත්, ශාරීරික කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම සඳහාත් ශරීරයට ලබා ගන්නා ශක්තිය සහ අමුද්‍රව්‍ය යි.සොබාදහම තුල උපදින සෑම ජීවියෙකුටම එසේ ආහාර ලබා ගැනීම සඳහා වූ හිමිකමක් ද සොබාදහම විසින්ම උරුමකර තිබේ.ආහාර දාම තුල ජීවීන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වයි. 1.       ස්වයංපෝෂී...

සංවර්ධනය සහ කාන්තාව

Image
  සංවර්ධනය සහ කාන්තාව හැඳින්වීම කාන්තාව යනු ලෝකයට දරුවන් බිහි කරන අම්මා ය.පවුලක සතුට, සැනසුම, සෞඛ්‍ය හා පෝෂණය මෙන්ම දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කරවන පදනම සකස් කරන පෙරගමන්කාරිය වන්නේ ද අම්මා ය.සැමියාගේ ද දරුවන්ගේ ද යුතුකම් සියල්ල නොපිරිහෙලා ඉටු කරන බොහෝ විට පවුලේ ආර්ථිකයට ද සෘජුව මෙන්ම වක්‍රව දායකත්වය දක්වන්නේ අම්මා නොහොත් කාන්තාව යි. සමාජයේ කුඩාම ඒකකය වන පවුල සවිබල ගැන්වීම හරහා සමස්ත රටේ ආර්ථික සමාජීය ආදී ක්ෂේත්‍ර තුල සංවර්ධනය ඇති කල හැක.විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල් සංවර්ධනය කිරීමේදී ඒ සඳහා කාන්තා දායකත්වය ලබා ගැනීම අනිවාර්ය වේ.අතීතයේ පටන්ම ශ්‍රී ලංකාවේ ගෘහස්ථ පරිපාලනය හා ආදායම් ඉපැයීමේදීත් ආර්ථික කටයුතු සමබරව පවත්වාගෙන යාමේදීත් කාන්තාව ඊට ප්‍රබල දායකත්වයක් දක්වයි. සංවර්ධනය තුල කාන්තාව ගෝලීය සංවර්ධනය තුල කාන්තාව විසින් ප්‍රභල කාර්යභාර්යක් ඉටු කරනු ලබයි.නමුත් ආසියා අප්‍රිකා සහ ලතින් ඇමෙරිකානු රටවල විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා ශ්‍රී ලංකාව වැනි රටවල සංවර්ධනය සඳහා කාන්තා දායකත්වය අවම මට්ටමක පවතී.බොහෝවිට ශ්‍රී ලංකාව වැනි රටවල කාන්තාවගේ කාර්යභාර...