Posts

ග්‍රාමීය සංවර්ධනය

Image
 ග්‍රාමීය සංවර්ධනය ගැමි ජනතාවගේ ජීවන රටාව වඩා උසස් තත්වයෙන් ගත කිරීමට අවශ්‍ය පරිදි ආදායම් තත්වය ඉහළනැංවීම ග්‍රාමීය සංවර්ධනය වේ. ගැමි ජනතාවගේ සංවර්ධනය යනු එදිනෙදා ජීවත්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා ගැටළුවකින් තොරව සපුරා ගැනීමට අවකාශය සැලසීම බව සැලකිය හැක. ග්‍රාමීය අර්ථ ක්‍රමය තුළ පවතින්නේ පවුල කේන්ද්‍ර කර ගත් පරිභෝජනවාදී ආර්ථික ක්‍රමයකි. කෙමෙන් කෙමෙන් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේදී ග්‍රාමීය ආර්ථිකය තවදුරටත් සරල ආර්ථික ක්‍රියාවලීන් මත රඳා පවතින්නේ නැත. පුද්ගල අවශ්‍යතා සංකීර්ණවත්ම ග්‍රාමීය ආර්ථිකයද සංවර්ධන විය යුත්තකි. එසේ නොමැතිනම් විවිධ සමාජ ගැටළුවලට මුහුණපාන්නට සිදුවේ.මෙම සමාජ ගැටළුවලට විසදුම් ලැබීමට නම් ග්‍රාමීය සංවර්ධනය වීම සිදුවිය යුතුය . ග්‍රාමීය ජන සමාජවල දරිද්‍රතාවය තුළ ජීවත් වන සුවිශේෂී ජන කණ්ඩායමක සමාජීය , ආර්ථික ජීවිතය වැඩි දියුණු කිරීම සඳහා සකස්ව තිබෙන ක්‍රමෝපායක් ලෙස ග්‍රාමීය සංවර්ධනය හඳුන්වනු ලැබේ. (ලෝක බැංකුව 1975) නිෂ්පාදනයේ ඵලදායිතාවය වැඩිදියුණු කිරීම , වර්ධනය වන රැකියා වෘත්තිකයන් සහ ඉඩම් ශ්‍රමය සහ ප්‍රාග්ධනය ක්‍රියාවට නැංවීම යනාදී ක්ෂේත්‍ර පිළිබඳ ග්‍රාමීය සං

වනාන්තර විනාශය සහ තිරසර සංවර්ධනය

Image
 වනාන්තර විනාශය සහ තිරසර සංවර්ධනය වන විනාශය හෙවත් වනාන්තර විනාශය යනුවෙන් අදහස් කරනුයේ කෘෂිකර්මාන්තය (බෝග වගාව සහ සත්ව පාලනය) නාගරීකරණය සහ කැනීම් කටයුතු, ලැව්ගිනි, දැව කැපීම ආදී ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීම හේතුවෙන් ලොව පුරා පවත්නා වනාන්තර බිම් ප්‍රදේශ කාලයත් සමඟ වෙනස්වීම හෙවත් අඩුවී යාමයි.1960 දශකයේ සිට ලොව පුරා මානුෂික මානුෂික ක්‍රියාකාරකම් වල සීග්‍ර වර්ධනය හේතුවෙන් වන විනාශය ලොව ස්වභාවික පරිසර පද්ධති , ජෛව විවිධත්වය සහ දේශගුණය කෙරෙහි අහිතකරව බලපා ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය වාර්තා කරන ආකාරයට වන විනාශයේ ප්‍රමාණය වසරකට වර්ග කිලෝමීටර් මිලියන පහක් පමණ වේ.  ලෝකයේ වනාන්තර විනාශය වනාන්තර යනු පරිසර පද්ධතියකි. වන විනාශය කෙරෙහි බලපාන හේතු පිළිබඳ විමසා බැලීමේදී මෙම හේතු ස්වභාවික සාධක සහ මානුෂ සාධක යනුවෙන් ප්‍රධාන වර්ග දෙකකි. ස්වභාවික සාධක අතරින් ප්‍රධාන වනුයේ ස්වභාවික ලැව්ගිනි, පරපෝෂිත රෝග ආදියයි.එසේ වුව ද ගෝලීය වන විනාශය කෙරෙහි බලපාන ප්‍රධාන හේතුව වන්නේ මානුෂික ක්‍රියාකාරකම් ය.එවැනි මානුෂීය ක්‍රියාකාරකම් කිහිපයක් ලෙස,  කෘෂිකර්මාන්තය සඳහා වන වනාන්තර එළි එළිපෙහෙළි කිරීම  සත්ව

නීතිය හා කාන්තා අයිතිවාසිකම්

Image
 නීතිය හා කාන්තා අයිතිවාසිකම් නීතිය යනු යම් රටක් හෝ විධිමත් මිනිස් හැසිරීම් හා ක්‍රියාකාරකම් පාලනය කිරීම සමාජ යහපැවැත්ම උදෙසා අනුගමනය කල යුතු බවට පනවනු ලබන රීති පද්ධතියකි.විවිධ චින්තකයන් විසින් නීතිය විවිධාකාරයෙන් විග්‍රහ කරයි.    නීතිය යනු රාජ්‍ය විසින් ක්‍රියාවට නංවනු අයිතිවාසිකම් හා බැඳීම් පිළිබඳ පද්ධතියකි. ( ටී.එච් ග්‍රීන්) සෑම සමාජයක්ම නීිතියට අනුව පාලනය කල යුතු වේ.නීිතියට ගරු කිරීම හා අවනත වීම පුරවැසියන්ගේ වගකීමයි.නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන සමාජයක යුක්තිය, සාමය හා සුරක්ෂිතබව යන ලක්ෂණ දැකගත හැකි වේ.නීතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ මහජනතාවගේ ජීවිත,අයිතිවාසිකම් හා දේපළ ආරක්ෂා වන අයුරින් මානව හැසිරීම් පාලනය කිරීම තු ලින් යුක්තිය ඇති කිරීමයි. නීතිය තුල කාන්තාවට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.කාන්තාවට එරෙහිව සිදු වන අකටයුතුකම් වැලැක්වීමට ,කාන්තා හිංසනයන් වැලැක්වීමට විවිධ නීති රීති හා රෙගුලාසි පවතී.නීතිය හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ දැක්වීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඉතා වැදගත් වේ.ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන සංකල්පය හේතුවෙන් අසමානතවයට ලක් වන කාන්තාවට සාධාරණය ඉෂ්ට කිරීම සිදුවන්නේ නීති

ආහාර අර්බුදය

Image
  ආහාර අර්බුදය පසුබිම ලෝක ජනගහනය අද වන විට මුහුණ දී ඇති ප්‍රධානතම ගැටළුව  ආහාර අර්බුදය යි.මිහිමත වෙසෙන සියලු ප්‍රජාවගේ ප්‍රධානතම අවශ්‍යතාවය වන “ආහාර” ලබා ගැනීමට නොහැකිව පැවතීම මිනිස් ප්‍රජාවට ඇති ප්‍රධානතම ගැටළුව කි. සමකාලීන ගෝලීය අර්බුද යන මාතෘකාව යටතේ කතාබහට ලක් වන ප්‍රධාන ගෝලීය අර්බුදයක් වන්නේ සාගින්න හා ආහාර හිඟය යි.සාගින්න සහ ආහාර හිඟය ගෝලීය අර්බුදයක් බවට පත් වූයේ ක්‍රමිකව ය.ඊට බලපෑ මූලික හේතු කිහිපයකි.එනම් වර්තමාන මානුශ සමාජය තුල ආහාර හිමිකම එලෙසින්ම භුක්ති විඳින අයද ,සමහර තැන් වලදී එම හිමිකම අවශ්‍ය ප්‍රමාණයට වඩා කිහිප ගුණයකින්ම හිමි කරගන්නා අයද ,බොහෝ තැන් වලදී ඒ හිමිකම අහිමි වූ අයද සිටීම යතාර්ථය බවට පත්ව තිබීම ඊට හේතුවයි. ආහාර යනු ජීවිතය ගෙන යාමේදී දිනෙන් දින ගෙවී යන පටක වර්ධනය සඳහාත්, ශාරීරික කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම සඳහාත් ශරීරයට ලබා ගන්නා ශක්තිය සහ අමුද්‍රව්‍ය යි.සොබාදහම තුල උපදින සෑම ජීවියෙකුටම එසේ ආහාර ලබා ගැනීම සඳහා වූ හිමිකමක් ද සොබාදහම විසින්ම උරුමකර තිබේ.ආහාර දාම තුල ජීවීන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වයි. 1.       ස්වයංපෝෂී 2.       සම විෂමපෝෂී ආහාර අවශ්‍යතා පිළ