නීතිය හා කාන්තා අයිතිවාසිකම්

 නීතිය හා කාන්තා අයිතිවාසිකම්

නීතිය යනු යම් රටක් හෝ විධිමත් මිනිස් හැසිරීම් හා ක්‍රියාකාරකම් පාලනය කිරීම සමාජ යහපැවැත්ම උදෙසා අනුගමනය කල යුතු බවට පනවනු ලබන රීති පද්ධතියකි.විවිධ චින්තකයන් විසින් නීතිය විවිධාකාරයෙන් විග්‍රහ කරයි.

  •   නීතිය යනු රාජ්‍ය විසින් ක්‍රියාවට නංවනු අයිතිවාසිකම් හා බැඳීම් පිළිබඳ පද්ධතියකි.

(ටී.එච් ග්‍රීන්)

සෑම සමාජයක්ම නීිතියට අනුව පාලනය කල යුතු වේ.නීිතියට ගරු කිරීම හා අවනත වීම පුරවැසියන්ගේ වගකීමයි.නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන සමාජයක යුක්තිය, සාමය හා සුරක්ෂිතබව යන ලක්ෂණ දැකගත හැකි වේ.නීතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ මහජනතාවගේ ජීවිත,අයිතිවාසිකම් හා දේපළ ආරක්ෂා වන අයුරින් මානව හැසිරීම් පාලනය කිරීම තුලින් යුක්තිය ඇති කිරීමයි.

නීතිය තුල කාන්තාවට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.කාන්තාවට එරෙහිව සිදු වන අකටයුතුකම් වැලැක්වීමට ,කාන්තා හිංසනයන් වැලැක්වීමට විවිධ නීති රීති හා රෙගුලාසි පවතී.නීතිය හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ දැක්වීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඉතා වැදගත් වේ.ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන සංකල්පය හේතුවෙන් අසමානතවයට ලක් වන කාන්තාවට සාධාරණය ඉෂ්ට කිරීම සිදුවන්නේ නීතිය මගිනි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයා සමාජය තුළ ජීවත්වීමේදී ස්ත්‍රියක් හා පුරුෂයෙක් වශයෙන් ගොඩනගා ගනු ලබන සමාජ භූමිකාවයි .එහිදී ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට වෙන් වූ කාර්යයන්, වටිනාකම්, හිමිකම් ආදිය හඳුනාගත හැකිය.මෙය මිනිසාට උපතින්ම හිමි වූවක් නොවන අතර සමාජය තුළ ජීවත්වීමේදී සමාජය විසින් හිමිකර දෙනු ලබන සමාජ විද්‍යාත්මක සහ ගතික සංකල්පයකි.ස්ත්‍රී  පුරුෂ සමාජභාවය තුළ දී බොහෝ විට කාන්තාවට හිමිවන්නේ ද්විතියික ස්ථානයකි.මේ හේතුවෙන් බොහෝ විට සමාජය තුළදී කාන්තාවට අවම වටිනාකම්, අවම සැලකිලි මෙන්ම අවම අයිතිවාසිකම් භුක්ති විඳීමට සිදුවී ඇත. ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ බොහෝ විට අසාධාරණයට ලක්වන්නේ ද කාන්තාවයි. මේ හේතුවෙන් කාන්තා අයිතිවාසිකම්, ඇයට හිමි නිසි තැන ආරක්ෂා කිරීම සඳහා ජාතික මට්ටමින් මෙන්ම ගෝලීය මට්ටමෙන් විවිධ නීති රීති හා අණ පනත් ක්‍රියාත්මක කොට ඇත. කාන්තාවන්ගේ සමානාත්මතාවය හා සාධාරණත්වය සුරැකීමට මෙවැනි නීති හා අයිතිවාසිකම් ගොඩනගා ඇත.එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක දර්ශනය විය යුතුය.



ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව හා නීතිය

නීතියට අනුව ස්ත්‍රිය හා පුරුෂයා සමානය.(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ එසේ පැවතියද එහි සමානකමක් පවතීද යන්න ගැටලුවකි.)

මානව හිමිකම් ප්‍රකාශනය අනුව ගෞරවය හා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම නිදහස්ව හා සමානව උපත ලබා සිටී.

එමෙන්ම ස්ත්‍රී පුරුෂ සියලු දෙනාම විශේෂත්වයක් රහිතව තම තමාගේ පෞද්ගලික හැකියාවන් හා විභවතාවන් නිදහසේ භුක්ති විඳීමේත්/ වර්ධනය කර ගැනීමේත් නිදහසක් තිබිය යුතුය.

අයිතිවාසිකම් යනු සියලු දෙනාටම හිමිවිය යුතු සාධාරණ  නිත්‍යානුකූල හිමිකමකි.

  • සෑම කෙනෙකුටම ඉතාමත් යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කොන්දේසි අයිතිවාසිකම් වේ.

                                                           (හැරල්ඩ් ලැස්කි)

සෑම පුද්ගලයෙක්ම අයිතිවාසිකම් දරන්නෙක් මෙන්ම යුතුකම් දරන්නෙක්ද වේ.සෘණාත්මක අයිතිවාසිකම් මෙන්ම ධනාත්මක අයිතිවාසිකම් ද පවතී.

සෘණාත්මක අයිතිවාසිකම්- ප්‍රචණ්ඩත්වයෙන් මිදීමේ නිදහස.

                                         බලහත්කාරකම් වලින් නිදහස් වීමේ අයිතිය.

ධනාත්මක අයිතිවාසිකම්- පෝෂණය , සෞඛ්‍යය, ආරක්ෂාව, අධ්‍යාපනය

සමාජය තුල කාන්තාව සැමවිටම පුරුෂයාට වඩා පහත් ස්ථානයක ස්ථානගත කරයි. මේ ආකාරයට විවිධ ආකාරයෙන් සමාජය තුළ කාන්තා අයිතිවාසිකම් කඩ වීම සිදුවේ.

ස්ත්‍රීි ප්‍රචණ්ඩත්වය

චර්ම ඡේදනය

දූෂණය  වීම

ගබ්සා වීම

ගෘහස්ත හිංසන

 බාල වයස්කාර විවාහ

 සතිපූජාව

 ව්‍යාභිචාර

ගණිකා වෘත්තියේ යෙදීම

බලහත්කාරකම් කිරීම

ස්ත්‍රී හිංසනය පිළිබඳ දැක්වීමේදී එය ප්‍රධාන ආකාර 3 ක් අනුව සිදුවේ.

  •   පවුල තුළ

 ගෘහස්ථ හිංසනය, බරපතළ ලිංගික අපයෝජන, වෛවාහික ස්ත්‍රී දූෂණ, ව්‍යාභිචාර

  •      ප්‍රජාව තුළ

ස්ත්‍රී දූෂණ, ගණිකා වෘත්තියේ යෙදීම, මිනීමැරුම්, භාවෝද්දීපන රචනා, ගබ්සා කිරීම්, අඩත්තේට්ටම් කිරීම්

  •      රජය මගින්

      සන්නද්ධ අරගලවලදී වන හිංසා, ශ්‍රම හිංසා, සරණාගත හා අවතැන් කඳවුරුවල වන හිංසා

ඉහත ආකාරවලින් සමාජය තුළදී, පවුල තුළදී කාන්තාවන්ට සිදුවන සියලු අයිතිවාසිකම් කඩකිරීම් හිංසනයන් වැළැක්වීමට නීති රීති නිර්මාණය කොට ඇත.කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති මෙවැනි නීති රීතීන් හා සම්මුතීන් කිහිපයක් පහත පරිදි වේ.

  • 1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය.
  • 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.
  • 1979 සීඩෝ සම්මුතිය.
  • 1993 කාන්තාව පිළිබඳ සියලු ආකාරයේ වෙනස්කම් තුරන් කිරීමේ එක්සත් ජාතීන්ගේ රෙගුලාසිය.
  • 1998 රෝම පනත.

  • 1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය

විශ්ව ප්‍රකාශනයේ 16, 17, 22, 23 24, 25, 26 සහ 27 යන වගන්ති තුළ කාන්තා අයිතිවාසිකම් පිළිබඳව අවධානය යොමු කරයි.

16- විවාහයට ඇතුළත් වීමේ අයිතිය.

17- දේපළ හිමි හිමිකම් දැරීමට ඇති අයිතිය.

22- සමාජ ආරක්ෂාවට ඇති අයිතිය.

23- රැකියාවේ අයිතිය.

24- විවේකයට ඇති අයිතිය.

25- සමාජ සේවා හා සෞඛ්‍ය ආරක්ෂාවට ඇති අයිතිය.

26- අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය.

27- සමාජ හා සංස්කෘතික ජීවිතයට ඇති අයිතිය.

  • 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳව අවධාරණය කරනු ලබයි.

වෙනස්කොට සැලකීම හා සම සාධාරණත්වය.

සේවා නියුක්තිය දී සමාන අවස්ථා හා සැලකිලි ලැබීම.

සමාන වැඩ සඳහා සමාන වැටුප් හිමි වීම.

ආරක්ෂා සහිත සෞඛ්‍ය සම්පන්න වැඩ පරිසරයක් ලැබීම.

සමාජ ආරක්ෂණයට සමාන පිවිසුුම් ලැබීම.

සාමූහික කේවල් කිරීම් හා සමාගමේ යෙදීමට සමාන අවස්ථා ලැබීම.

අර්ථාන්විත වෘත්තීය වර්ධනයට සමාන ඉඩ ප්‍රස්ථා ලැබීම.

  • 1979 සීඩෝ සම්මුතිය.

1979 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරගන්නා ලද ස්ත්‍රීන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් පිටුදැකීමේ සම්මුතිය ස්ත්‍රින් පිළිබඳ අන්තර්ජාතික අයිතිවාසිකම් පනතකි.

පූර්විකාවකින් හා වගන්ති 30 කින් සමන්විත මෙම සම්මුතිය හරහා ස්ත්‍රීන්ට එරෙහි වෙනස්කම් කවරේද යන්න අර්ථ නිරූපණය කොට එබඳු වෙනස්කම් අවසන් කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරීත්වය උදෙසා න්‍යායපත්‍රයක් සකසයි.

  • 1998 රෝම පනත.

යුද ගැටුම් අවස්තාවලදී ස්ත්‍රී දූෂණය, ලිංගික වහල්භාවයට බලකරමින් ගණිකා වෘත්තියේ යෙදවීම, බලහත්කාර වධහිංසා පැමිණවීම හෝ ඕනෑම ආකාරයක ලිංගික ප්‍රචණ්ඩතාව යනාදී මනුශ්‍යත්වයට එරෙහි අපරාධයක් හා යුද අපරාධයක් ලෙස සලකනු ලබයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ලෝකය තුල හඬක් නැගීමට මෙම නීති රීති හා සම්මුතීන් ඉතා වැදගත්ය. ඇතැම් සමාජ තුළ කාන්තා අයිතිවාසිකම් කඩවීම දැකගත හැකි වූවත් කාන්තාවට එරෙහිව සිදුවන සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් නැතිකිරීමටත් කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත් ඉහත නීති රීති හා රෙගුලාසි තුළින් හැකිවී ඇත.



රවීෂා රත්නායක 






 


Comments

Post a Comment

Popular posts from this blog

සංවර්ධනය සහ කාන්තාව

ග්‍රාමීය සංවර්ධනය